මහීෂ් තීක්ෂණ, පළමුවරට ලොව හොඳම තිදෙනා අතරට
ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලොව හොඳම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමට අනුවයි.
එහිදී 07වන ස්ථානයේ සිට මහීෂ් තීක්ෂණ ස්ථාන 04ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඔහුට ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිව ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ පැමිණි ඉහළම ස්ථානය මෙයයි.
ඉකුත්දා අවසන් වූ නවසීලන්තයට එරෙහි එක්දින තරග තුනේදී කඩුලු 07ක් දවාගනිමින් ඔහු දැක් වූ දක්ෂතා මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හේතුවී තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්. දෙවන ස්ථානයේ ඉන්දියාවේ කුල්දීප් යාදව් රැඳී සිටිනවා.
මහීෂ් තීක්ෂණ, රෂීඩ් ඛාන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 06ක් පමණයි.