පොදු ප්‍රවාහනයට අලුත් බස් රටින් ගේන්න රජයේ අවධානය
මගී ප්‍රවාහනය සඳහා වඩාත් ආරක්ෂිත සහ ප්‍රමිතයෙන් ඉහළ බස් රථ යෙදවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව මෙරට මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ද පවත්වා ඇති බවයි රජය පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙලෙස අදහස් පළ කළා.