ලොරි, බස්, වෑන් සහ ඩබල් කැබ් රථ ආනයනයට අද සිට අවසර හිමිවෙයි

වාහන ගෙන්වීමට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අද සිට කාණ්ඩ කිහිපයකට අයත් වාහන ආනයනය කිරීමට අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් අරෝෂ රොද්‍ර‘ගෝ මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ලොරි රථ, බස් රථ, වෑන් සහ ඩබල් කැබ් රථ ආනයනය කිරීමට අවස්ථාව පවතින බවයි.වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සිය ස්තූතිය පුදකරන බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍ර‘ගෝ මහතා වැඩිදුරටත් සඳහන් කළා

menu
menu