වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය අතට

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසනවා.

එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ පසුගිය වර්ෂවලදීද ඊසාන දිග මෝසම් වැසි කාලය තුළ වායු දූෂණ තත්ත්වය එලෙස පැවති බවයි

ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය ඉහළ යාමට බලපා ඇති හේතු සම්බන්ධයෙන් ද ජාතික ගොඩනැගිලි සංවිධානයේ, පරිසර අංශයේ අධ්‍යක්‍ෂක සරත් ප්‍රේමසිරි මහතා කරුණු දැක්වුවා.

menu
menu