ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

ගාල්ල, හිනිඳුම, මහබෝධිවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ප්‍රදේශයේ නවතැන්පොළක එලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් එම එම ප්‍රදේශයේම පදිංචි නවාතැන්පොළේ හිමිකරු, හිනිඳුම සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් හිනිඳුම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

menu
menu