ඕස්ටේ්‍රලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය

සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුලු 03ක් දැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 09ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් රැස් කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

ඕෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයන් වනවා.

ඔවුන් තිදෙනාම ලකුණු 07 බැගින් ලබා සිටියදී දවා ගැනීමට ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඕස්ටේ්‍රලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 654ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවූවා.

ඕස්ටේ්‍රලියා කණ්ඩායම වෙනුවෙන් උස්මාන් කවාජා ලකුණු 232ක් ලබා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කළා.

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් ලකුණු 141යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුලු 03 බැගින් බෙදී ගියා.

menu
menu