උසස් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පොලිස් නිලධාරීන් සිව් දෙනාට ලබන 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.
ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න මහතා සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න මහතා ස්ථාන මාරු කර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ. පද්මිණි මහත්මිය සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.