අමෙරිකාවේ තවත් ගුවන් අනතුරක්

අමෙරිකාවේ රෝගීන් රැගත් වෛද්‍ය ප්‍රවාහන ගුවන් යානයක් හදිසියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන්කඩා වැටි ගිනිගෙන තිබෙනවා.

පෙන්සිල්වේනියාවේ ඊසානදිග ෆිලඩෙල්ෆියාවේ වෙළඳ සංකීර්ණයක් අසලට මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Learjet 55 නම් මෙම ගුවන් යානය රෝගී වූ දරුවෙකු, ඇගේ මව සහ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු රැගෙන ඊසානදිග ෆිලඩෙල්ෆියා ගුවන්තොටුපළේ සිට ස්ප්‍රින්ග්ෆීල්ඩ්-බ්‍රැන්සන් ජාතික ගුවන් තොටුපළ වෙත ගමන් කරමින් සිටියදී සවස 6:30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ

යානයේ සිටි දරුවා ෆිලඩෙල්ෆියා රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර අනතුර සිදුවන විට ඇගේ මව සමඟ ඇගේ මව් රට වන මෙක්සිකෝව වෙත ආපසු ගෙන යමින් සිටි තිබෙනවා

ගුවන් යානය මෙහෙය වූ සමාගම වන ජෙට් රෙස්කියු එයාර් ගිලන් රථය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එහි කාර්ය මණ්ඩලයේ හතර දෙනෙකු සිට ඇති බවයි.

කඩා වැටීමෙන් පසු විශාල ගින්නක් හටගත් අතර, ප්‍රදේශයේ දේපල රැසක් ගිනි ගිනි ගැනීමට ලක්ව තිබෙනවා

අනතුරින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ෆිලඩෙල්ෆියා හි ළමා රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කිසිදු රෝගියෙකු යානයේ නොසිටි බවත් ගුවන් යානය තම රෝහලට අනුබද්ධ නොවන බවයි

menu
menu