හිටපු ජනපතිවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක්
හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා සහ හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව නව සැලැස්මක් සකස් කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරයට අදාලව ඔවුන් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ