ස්වීඩනයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක දරුණු වෙඩිතැබීමක්
මධ්‍යම ස්වීඩනයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක දරුණු වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් වාර්තා උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවක්කුකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇති බවයි.
තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි පොලිසිය අනතුරු අඟවා ඇත්තේ.
ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් කිලෝමීටර් 200ක් දුරින් පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
ගිනි අවියක් අතින් ගත් තරුණයෙකු විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ මෙම වෙඩිතැබීම සිදු කර තිබුණා.
වෙඩි තැබූ පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙර ආරක්ෂක අංශ වෙත කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද එරට බලධාරීන් පවසනවා.
කෙසේවෙතත් වෙඩිතැබීමට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
එහෙත් ස්වීඩන් බලධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවිය හැකි බවයි.
කෙසේවෙතත් එල්ල වූ මෙම ප්‍රහාරය ”ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම” ලෙස එරට බලධාරීන් හඳුන්වා දී තිබෙනවා.