බස් රථ දෙකක් එකිනෙක ගැටී සිව් දෙනෙකු ජිව්තක්ෂයට - තවත් 28 දෙනෙකුට තුවාල

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ අතර කාන්තාවක් ද වන බවයි පොලිසිය පැවසුවේ.
තවත් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කඳුරුවෙල සිට කුරුණෑගල බලා ධාවනය වූ බස් රථයක් සහ මාඳුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද අළුයම එලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
menu
menu