ජනපති අද එක්සත් අරාබි එමිර් රාජ්‍යයට

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනයකට අනුවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා අරඹන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අවධානය ලක් කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැතිවරයා ද හමුවීමට නියමිතව තිබෙනවා.
ලබන 13 වනදා තෙක් එරට රැඳී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායිහි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමටද නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.
එහිදී ජනාධිපතිවරයා ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි.
එමෙන්ම ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සමඟ ද ජනාධිපති අනුර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.
ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවක් සමඟ ද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.