අලුතින් කසාද බඳින ජෝඩු වලට රජයෙන් ණයක්

අලුතින් යුග දිවියට පිවිසෙන යුවළ සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා .
ඒ, සම්බන්ධයෙන් වන යෝජනාවක් මෙවර අයවැය යෝජනා සඳහා එක්කර ඇති බවයි නාගරික සංවර්ධන, ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් පැවසුවේ .
එලෙස නිවසක් තනාගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, රාජ්‍ය සහ පුද්ගලික බැංකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බව ද ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළා .
menu
menu