ලක්ෂ 03 ක බිලක් නොගෙවූ නිසා  මහින්දගේ නිවසේ  කොටසක වතුර කපයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 03ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන්.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ආරක්‍ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම එලෙස විසන්ධි කර ඇති බවයි වාර්තා වුණේ.
කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ
menu
menu