එජාප උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක පත්කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක මහතා පත්කර තිබෙනවා.

පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදු කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පැවසුවේ.

අදාළ පත්කිරීමට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතියද හිමිව තිබෙනවා.

නවීන් දිසානායක මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කළ අතර පසුව ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

menu
menu