අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25,000කින් ඉහළ දැමිය යුතු බව මන්ත්‍රී රෝහිත කියයි

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම ලබන සඳුදා පෙරවරු 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය ලබන 18 වනදා සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.