මෙවර අයවැයෙන් රජයේ රැකියා 30,000ක්
.jpg)
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් සඳහා බඳවා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් සැලසුම් කර තිබෙනවා.
අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කිරීමට යෝජනා කරන බවයි.
රජයේ දැක්මට අනුකූලව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම්, උසස් වීම් සහ ස්ථාන මාරුවීම් දේශපාලන බලපෑම්වලින් තොර සුදුසුකම් සහ කුසලතා මත පදනම්ව සිදුකරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.