ශිෂ්‍යාධාර දීමනා ඉහළට

මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම රුපියල් 5,000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ගෙවනු ලබන ශිෂ්‍යධාර දීමනාව ද රුපියල් 4,000 සිට රුපියල් 6,500 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා අයවැය කථාව ඉදිරිපත් කරමින් කියා සිටියේ.

ඒ සඳහා රුපියල් මිලියන 4,600ක මුදලක් 2025 අයවැයෙන් දැනටමත් වෙන්කර තිබෙනවා.

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සුදුසුකම් ලත් අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 750 සිට රුපියල් 1,500 දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ.

menu
menu