ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය විදේශ රටක සිට මෙහෙයවා ඇති බවට තොරතුරු

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විදේශ රටක සිට මෙහෙයවා ඇති බව තොරතුරු අනාවරණ වී තිබෙනවා.
වාර්තාවන ආකාරයට දැනට විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේ, බටුවත්තේ චාමර, ජූඩ් ප්‍රියන්ත නමැති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි.
ඔවුන් මේ වන විට ඩුබායි සහ ප්‍රංශය යන රටවල සැඟවී සිටිනවා.
මේ අතර, බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන පැමිණි ගණේමුල්ල සංජීවගේ ආරක්‍ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන් මෙන්මSTF නිලධාරීන්ද 12 දෙනෙකු සිටි බවටයි මේ වන විට ප්‍රකාශ වී ඇත්තේ.
එවන් ආරක්‍ෂාවක් තිබියදී අධිකරණ සංකීර්ණයක් තුළදීම මෙවැනි වෙඩිතැබීමක් සිදු වූයේ ආරක්‍ෂාවේ ඇති හිඩසක් නිසාදැයි බොහෝ පාර්ශව ප්‍රශ්න කරනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගෙන් විමසා සිටියා.