ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” ක්‍රිකට් තරගාවලිය අද ඉන්දියාවේදී ආරම්භ වනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම අතරයි.

තරගය මුම්බායිහි ආචාර්ය ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ටේ්‍රලියාව හා දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩකයින්ද එක්වන එම තරගාවලිය ලබන 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

menu
menu