පෙම්වතා සමග කට්ටි පැන්න දැරියගෙන් ප්රශ්න කරන්න ගිය සැරයෙන් දැරියට කරලා තියෙන වැඩේ

තිස්සමහාරාම ප්රදේශයේ නිවසකට පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළදී ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පැවසුවා
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙක් බවයි වාර්තා වන්නේ.
තිස්සමහාරාමයේ පදිංචි මෙම දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ 02 රාත්රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය 119 වෙත ලද දැනුම් දීමකට අනුව පොලිසියේ රාත්රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගෙ පෙම්වතා සමග කිරින්ද ප්රදේශයට ගොස් ඇති බවට මවට සැලවීමත් සමඟම ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පැවසුවේ .
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීම සඳහා සැකකාර සැරයන් දැරිය රැඳී සිටි කාමරය වෙත ගොස් ඇය සමග කතා කරමින් සිටින අතරතුර ලිංගික අතවර කළ බවට පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.