ලියාපදිංචි නොකළ ජීප් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

දෙහිඕවිට පොලිස් වසමේ, අටලුගමවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලියාපදිංචි නොකළ ජීප් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත නූරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 34 හා 40 යන වයස්වල පසුවන දෙහිඕවිට හා අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලිසියට භාර දී තිබෙනවා.
ජීප් රථයට අදාළ වලංගු බලපත්‍ර හා ලියවිලි ඉදිරිපත්කිරීමට සැකකරුවන් අපොහොසත් වී ඇති අතර අංක තහඩු දෙකක්ද එම ජීප් රථය තුළ තිබී සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවා.