හෙරොයින් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සන්තකයේ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලද තොරතුරු අනුව වෙරළබඩ පොලිස් ස්ථානය මගින් සහ මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් සිදු කළ වැටලීම් දෙකකදීයි.

එම වැටලීම් දෙකේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 48 සහ 52 යන වයස්වල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.

menu
menu