පොලිස් ස්ථාන 27ක ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථාන 27ක ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්.
ඒ අනුව පිටිගල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ගාල්ල කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂක එච්.එච්.වයි. මධුසංඛ මහතා ස්ථාන මාරු කර තිබෙනවා.
එම කොට්ඨාසයේම රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එච්.එස්.සී ද සිල්වා මහතා ස්ථාන මාරු කර ඇත්තේ හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.
ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක සී. වික්‍රමරත්න මහතා සාමාන්‍ය රාජකාරි සඳහා මොනරාගල කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ අනුව ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කර ඇත්තේ ඇල්පිටිය කොට්ඨාසයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඒ.ඒ ද සිල්වා මහතා බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
පොලිස් පරීක්ෂක ටී.සී.ඒ. රාජකරුණා මහතා අළුබෝමුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට අගුරුවාතොට පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ අනුව අළුබෝමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇත්තේ පානදුර - උතුර පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.කේ.එස්.එල්. විජේවීර මහතායි.
පානදුර කොට්ඨාසයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ටී. සරච්චන්ද්‍ර මහතා පානදුර - උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
ස්ථාන මාරු කළ පොලිස් නිලධාරින්ගේ සම්පූර්ණ නාම ලේඛනයපහතින්