ගම්පහ වෙඩි තැබීමක් 

ගම්පහ, අක්කරවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා

යතුරුපැදි අමතර කොටස් අලෙවි කිරීමේ වෙළඳසැලක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කර සිටියේ

එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ

menu
menu