ශ්‍රී ලංකාව ත්‍රස්ත තර්ජන අවම රටක් ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකාව “ත්‍රස්තවාදයේ බලපෑමක් නොමැති” රටක් ලෙස 2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවට ශුන්‍ය ලකුණු ලබා දෙමින් 100 වන ස්ථානයට වර්ගීකරණය කරමින්.

ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය යනු රටවල් 163කට ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරන පුළුල් අධ්‍යයනයක් වන අතර එය ලෝක ජනගහනයෙන් සියයට 99යි දශම 7ක් ආවරණය කරනු ලබනවා.

මෙම දර්ශකය මඟින් රටක් තුළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මට්ටම මනිනු ලබන්නේ සිදුවී ඇති ත්‍රස්තවාදී ප්‍රහාර ගණන, මරණ හා තුවාල සංඛ්‍යාව සහ ද්‍රව්‍යමය හානි මට්ටම අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස දියුණු වී ඇති බවත්, වසරක් ඇතුළත දර්ශකයේ ස්ථාන 64කින් පහත වැටී ඇති බවත් එම වාර්තා පෙන්වා දෙනවා.

2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව ත්‍රස්ත අවදානම වැඩිම රට වන්නේ බුර්කිනා ෆාසෝ රාජ්‍යයයි.

අවදානම් සහිත රටවල් 10 අතර දෙවන ස්ථානය පාක්ස්තානයටත් 09 වන ස්ථානය ඇෆ්ගනිස්ථානයටත් හිමිව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ ඉන්දියාව ද 14 වන ස්ථානයේ පසුවනවා.

කලාපයේ රටවල් හතෙන් ශ්‍රී ලංකාව මෙන් ශුන්‍ය ලකුණු ලබාගෙන ඇත්තේ භූතානය පමණයි.

menu
menu