වන සත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක්

බෝග වගාවන්ට හානි කරන වන සත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා
වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමේ මූලික පියවරක් වශයෙන් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි වන සත්ව හානි අවම කිරීමට අදාළ විශේෂ කමිටුවක් පත්කරන ලදී.
එම විශේෂ කමිටුවේ උපදෙස් පරිදි වගාවට වැඩි වශයෙන් හානි කරන වඳුරා, රිලවා, මොනරා සහ දඞුලේනා යන සත්වයන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි ගණනය කිරීම සඳහා වන සත්ව සංගණනයක් සිදු කිරීමට යෝජනා විය.
ඒ අනුව එළඹෙන මාර්තු මස 15වන දින පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය තුළ දිවයින පුරා මෙම සංගණනය පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බවයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ගඅමාත්‍යාංශ සඳහන් කර සිටියේ
එළඹෙන 15 වෙනිදා පැවැත්වෙන සත්ව සංගණනය වඩාත් නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් මැදිරියක් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා