රට පුරා වෛද්‍යවරු වැඩවර්ජනය
.jpg)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදු කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද දින (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත විමට තියමිතයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම විධායක කමිටුව ඊයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.