වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගෙන් පාපොච්චාරණයක්

සැකකරුගෙන් ගල්නෑව පොලීසිය කළ ප්‍රශ්නකිරීමේදී මෙම අපරාධයට සම්බන්ධ තොරතුරු රැසක් ද හෙළි කරගැනීමටයි හැකි වී ඇත්තේ.

ඒ අනුව තමන් මෙම අපරාධය සිදුකළ බවට සැකකරු එහිදී පිළිගෙන තිබෙනවා.

රෝහල ඉදිරිපිට වෙළඳසැලක තේ බොමින් සිට ඇති ඔහු වෛද්‍යවරිය දැක ඇය පසුපස ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

සැකකරු අතින් දූෂණයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි වෛද්‍යවරියක්.

ඇය අවිවාහක තරුණියක් වනවා.

පසුව වෛද්‍යවරියගේ නිල කාමරය තුළ තිබූ ජංගම දුරකතනයක් සහ මුදල් පසුම්බියක්ද සොරාගත් බවටයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ.

මූලික පරික්‍ෂණවලින් පසුව සැකකරු සොරාගත් මුදල් පසුම්බිය සොයාගෙන ඇති නමුත් ජංගම දුරකතනය මෙතෙක් සොයාගෙන නැහැ.

මුදල් පසුම්බිය තුළ තිබී ඇත්තේ රුපියල් 120ක මුදලක් පමණයි.

සැකකරු යුද හමුදා සක්‍රීය සේවයේ සිට ඇති බවටත් පසුව ඉන් පලාගොස් ඇති බවටත් මූලික ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී තිබෙනවා.

යුද හමුදා සේවයේ සිටියදී එල්ල වූ වෙඩි උණ්ඩයක් හේතුවෙන් ඔහුගේ උදරයේ සැත්කමක්ද සිදු කර ඇති බවයි හෙළිකරගෙන ඇත්තේ.

සැකකරු කලක් චීවරධාරියෙකු ලෙසද සිට ඇති බව මූලික පරික්‍ෂණවලදී තහවුරු කරගෙන තිබෙනවා.

ඔහු පැවිදි වී සිට ඇත්තේ ගල්නෑවේ අනෝමතස්සී නමින්.

ඔහු සිටි බව කියන සියලු විහාරස්ථානද පොලීසිය විසින් පළමුව පරික්‍ෂා කර තිබුණා.

ඔහු පැවිදි වී ඇත්තේ 2023 වසරේදීයි.

සැකකරු මීට පෙර දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස ගල්නෑව පොලීසියේ සටහන්ව සිටි අයෙකු බවටයි හෙළි වී ඇත්තේ.

ඒ, 2013 වසරේ සිටයි.

ඔහු වැඩි වශයෙන් සිදු කර ඇත්තේ ගෙවල් බිඳුම් බවටද පොලිස් ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී තිබෙනවා.

සැකකරු ගල්නෑව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා.

ඔහු මෙම අපරාධය සිදු කර තිබුණේ වෙනත් වරදකට සිර දඬුවම් ලබා ඉන් නිදහස ලබා පැමිණ සිටියදී වීමද විශේෂත්වයක්.

menu
menu