ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන්ගත් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලීසිය විසින්.

අදාළ කාන්තාව ඩුබායිහි සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

“ෆිට්ස් එයාර්” ගුවන් සේවයේ ඒ.ඩී - 822 දරන ගුවන් යානයෙන් ඇය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඇය ගමන්ගත් ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු විසින් ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබදව එම කාන්තාව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අනතුරුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ ඉන්දීය ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, වින්දිත කාන්තාව සහ සැකකාර ඉන්දීය ජාතිකයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කොළඹ, අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

menu
menu