සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය අදයි

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද සිව්වන දිනටත් පැවැත්වෙනවා.
ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 05.30 දක්වා දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනු ඇති.
ලක්ෂයකට තුනකට අධික සැදැහැවතුන් පිරිසක් ඊයේ දිනය වන විට දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා.
අද දිනයේදී දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් මේ වන විටත් දිගු පෝළිම්වල රැඳී සිටිනවා.
මේ අතර දළදා වහන්සේ වන්දනා මාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් පරිසරයට බැහැර කරන ලෙසයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.