IMF සිව්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමින් එකඟතාවයකට


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 04ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 344ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බවයි වාර්තා වන්නේ.

menu
menu