ඉන්දීය හමුදා ප්‍රහාරයක් ගැන පකිස්ථානය අනතුරු අඟවයි

ඉදිරි පැය 24ත් 36ක් අතර කාලය තුළ සිදුවිය හැකි ඉන්දීය හමුදා ප්‍රහාරයක් පිළිබඳ පකිස්ථාන අනතුරු අඟවා තිබෙනවා.
පකිස්ථාන බලධාරීන් මේ බව පවසා ඇත්තේ ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරයකින් පසු දෙරට අතර උත්සන්න වෙමින් ඇති දේශපාලන උණුසුම මධ්‍යයේයි.
ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ ඉන්දියාව හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට තමන් වෙත “විශ්වාසදායක බුද්ධි තොරතුරු” ඇති බවටයි පකිස්ථානය චෝදනා කරන්නේ.
සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ කාශ්මීර ප්‍රහාරය පාකිස්තානයට පහර දීම සඳහා “ව්‍යාජ කඩතුරාවක් ලෙස” ඉන්දියාව භාවිතා කරන බවට පකිස්ථානය පවසා තිබෙනවා.
කෙසේවෙතත් පකිස්ථාන බලධාරීන් සිය ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු ස්ථිර තොරතුරක් ප්‍රකාශයට පත් කර නැහැ.
ඉන්දීය රජයද චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.