පොහොර සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත්ගෙන් ප්රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඒ ලංකා පොස්පේට් සමාගම මගින් 2023-2024 කාලසීමාව තුළ රොක් පොස්පේට් මෙට්රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුවය.
ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පෙස්පේට් මෙට්රික් ටොන් 29,982 ක් D.M Traders, Disaru International, Ichiban යන පුද්ගලික සමාගම් තුනකට අපනයනය සඳහා අලෙවි කර ඇති බවය.