කෙහෙළිය යළිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළේ ඔහු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
මෙම 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ සැකකාර හිටපු අමාත්‍යවරයා ජන මාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු කරුණු දැක්වුවා.
එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ මෝදිත රත්නායක සහ සුමිත් යසරත්න යන පුද්ගලයින් දෙදෙනාට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරීන් එහිදී පැවසුවා.