ඉන්දීය අගමැතිගේ ජෙට් යානා පියාසැරිය

ඉන්දීය අගමැති ප්‍රහාරක ජෙට් යානයක නැඟී සාර්ථක ගුවන් පියාසැරියක් නිමකර තිබෙනවා.

අද (25) උදෑසන බැංගලෝර්හි ආරක්ෂක මූලස්ථානයකට පැමිණි අගමැති මෝදි මෙම ත්‍රාසජනක අත්දැකීම සඳහා එක්වී ඇතිබවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන්.

අගමැතිවරයා තම පියාසැරිය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත "තේජාස්" නම් සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයකි.

තම ගුවන් අත්දැකීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඔහුගේ නිල එක්ස් ගිණුමේ සටහනක් ද එක්කර තිබුණි.

"තේජාස් යාත්‍රාවේ මෙහෙයුමක් සාර්ථකව නිමකලා. අත්දැකීම ඇදහිය නොහැකි තරම් පොහොසත් වූවක්. අපේ රටේ ස්වදේශික හැකියාවන් ගැන මගේ තිබූ විශ්වාසය සැළකිය යුතු ලෙස ඉහළ නැංවුනා. එය අපේ ජාතික හැකියාවන් ගැන අභිමානයක් හා ශුභවාදී හැඟීමක් මට ඉතිරිකරා"

menu
menu