වැඩබලන පොලිස්පතිවරයා වැඩ අරඹයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

සර්ව ආගමික වතාවත් මැද දේශබන්දු මහතා වැඩ භාරගත් අතර, එම අවස්ථාවට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

දින කිහිපයක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) දිනයේ නම් කරනු ලැබිණි.

මේ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුම්වත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

menu
menu