තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

වාහනයක් සම්බන්ධ ගනුදෙනුවකදී රුපියල් ලක්ෂ 80 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි තිළිණි ප්‍රියමාලි එම චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඊයේ නියෝග කලේය.


පැමිණිල්ල මෙහෙවූ රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මෙම චෝදනා පත්‍රයේ චෝදනා ගොනුකර තිබෙන ආකාරය අනුව අදාළ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව අධිකරණය හමුවේ කරුණු අනාවරණය වූ අතර, එයින් පසු විත්තිකාරිය මෙම නඩුවෙන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කලේය.


2010 වසරේ පැමිණිලිකරුට අයත් රුපියල් ලක්ෂ 80 ක් වටිනා වාහනයක් ලබාගෙන, මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී, එම මුදල සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින්, විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකරන ලදී.

menu
menu