නිදහස් සැමරුම හේතුවෙන් සඳුදා නිවාඩු දිනයක් කිරීමට යෝජනා

මෙවර ජාතික නිදහස් සැමරුම ඉරිදා දිනයේ යෙදීම නිසා සඳුදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීම් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කර සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අයුරින් ලැබී ඇති ඉල්ලීම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමු කිරීමට කටයුතු කර ඇතිබව සඳහන්ය.

කෙසේ වෙතත් එළැඹෙන සඳුදා දිනය නිවාඩුවක් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ වනතෙක් ගෙන නොමැත.

menu
menu