අන්තරේ විරෝධය නොසළකා ජනපති කැළණිය සරසවියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (31) කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූයේය.

උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා රාත්‍රියේ කොළඹ නුවර පාර අවහිරව කරමින් විරෝධතාවයක් සිදු කරන ලදී.

එය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට කටයුතු කල අතර,

ඔවුන් එම ස්ථානයෙන් විසිර ගිය ද ඊයේ පස්වරුව වන තුරුම විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලකට කිසිවකුට ඇතුළුවීමට නොදී විරෝධතාවක නිරත වූහ.

menu
menu