අධිවේගයේ හෙමින් ගියොත් දඩ

අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ දැනට අධිවේගී මාර්ගයේ වාර්තා වී ඇති අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් නියමිත වේගයට ගමන් නොකොට අඩු වේගයකින් රිය පදවන රියැදුරන් නිසා සිදුව තිබෙන බවට අනාවරණය වීමත් සමගය.

මේ අනුව දැනට පැයට කිලෝමීටර් 100ක උපරිම වේගය ඒ අයුරින්ම රඳවා ගනිමින් පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අවම වේගයක් හඳුන්වා දීමට මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

මේ අනුව අනතුරු සිදුවිය හැකි අන්දමින් අඩු වේගයෙන් ගමන් කරන රියැදුරන්ට එම චෝදනාව මත දඩ නිකුත් කිරීමටද නියමිතය.

එම වේග සීමාවන් මෙම මාසය අවසන් වීමට පෙර හඳුන්වාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

menu
menu