කාන්තාවන් වෙනුවෙන් පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

අද (07) සිට පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට අතවර හා ලිංගික අඩත්තේට්ටම් සිදුකරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් අරඹා තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර පැවසුවේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් නීතියේ රැහනට හසු කර ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම ආරම්භ කළ බවය.

ඕනෑම කාන්තාවකට තමාට පොදු ප්‍රවාහනයේදී සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික දුරකථන අංකයට දැනුම්දීමේ හැකියාව පවතින බවයි ඇය අද (07) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියාය.

මෙම විශේෂ මෙහෙයුමට සමගාමීව රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234ක් අනියුක්ත කර ඇති බව මෙහිදී වැඩිදුරත් සඳහන් කරන ලදී.

menu
menu