විමල් නිදොස්කොට නිදහස්

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) දින ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.

ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ දීය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේ ඔක්තෝබර් මස 23 දින අක්‍රීය ගමන් බලපත්‍රයක් රැගෙන විදෙස් ගතවීමට පැමිණි බව පවසමින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරා තිබිණි.

මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් අධිකරණය ඉදිරියේ පිළිගෙන තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසය.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහෙස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා‍ නිදොස් කොට නිදහස් කර තිබේ.

menu
menu