ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන්න තරුණයා

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන තිබෙන බව පොලිසිය පවසනවා
නල්ලතන්නිය පොලිසිය පැවසුවේ එලෙස උඩ මළුවෙන් පහලට පැන ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි
ඔහු සුරියවැව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණ තිබෙනවා.
එම තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ .
menu
menu