දේශපාලකයින්ට පස්සේ වැඩියෙන්ම බැණුම් අහන්නේ පොලීසිය  - පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම -  

මෙම වසර තුළ හමුදාවේ 27,000 à¶š පිරිසක් ඉවත්වීමට හේතුව සොයාගත යුතු à¶¶à·€ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේය.

අද (23) දවසේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් එතුමා මේ පිළිබඳව à¶´à·Š‍රකාශ කලේය.

"දේශපාලකයින්ට පසුව වැඩියෙන්ම බැණුම් අහන කණ්ඩායම ඉන්නේ පොලීසියේ. අනෙක් කරුණ ඉතිහාසය පුරාම දේශපාලකයින් විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් වේ නම් ඒ තමයි පොලීසිය."

"යුද හමුදාවේ දෙවනියාගේ (යුද හමුදා මාණ්ඩලික à¶´à·Š‍රධානි) තනතුරේ ඔක්තෝබර් 13 සිට මේ දක්වා දින 40à¶šà·Š පුරප්පාඩු වෙලා තිබෙනවා. මේ නිසා හමුදාවන් ඇතුළේ ගැටලුවක් මතුවෙලා.

"පොලිස්පති ධුරයටත් ඒක තමයි වෙලා තියෙන්නේ."

"à¶’ වගේම 2023 වසර තුළදී යුද හමුදාව ඇතුළේ 27,000à¶šà¶§ ආසන්න පිරිසක් සේවය අත්හැර ගිහින් තිබෙනවා. එක්කෝ විශ්‍රාම ගිහින්. නැතිනම් සේවය අතහැර ගිහින්. එක්කෝ ඉල්ලා අස්වෙලා. à¶’ කියන්නේ මොනාහරි ගැටලුවක් තිබෙනවා. à¶’à¶š හොයන්න ඕනේ."

"මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවිශ්වාසයක් සමාජය තුළ ඇතිවෙලා. අවිනිශ්චිතභාවය පිළිබඳ හැගීමක් මතුවෙනවා."

"ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් ඇමතිවරයෙක් මේ සභාවෙදිත් කිව්වා ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බයයි කියලා. ඔහුගේ ජීවිතයට තර්ජනයක් තිබෙනවා කියලා පොලීසියට පැමිණිලි කර තිබෙනවා."

"මේ අවුරුද්ද දිහා බැලුවොත් හැම මාසෙකට සාහසික මනුෂ්‍ය ඝාතන 50à¶šà·Š පමණ සිදුවෙනවා. à¶’ කියන්නේ පැය 14à¶šà¶§ වරක් à¶‘à¶š මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා."

"නීතියේ à¶´à·Š‍රමාදය පොලීසිය පාලනය කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. පොලීසියේ à¶·à·žà¶­à·’à¶š පහසුකම්වල විශාල කඩාවැටීමක් සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ පොලීසියට රාජකාරී කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. මේවා හදාගත්තේ නැත්නම් තත්ත්වය තවත් බරපතළ වෙයි"

menu
menu