ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ඝාතනය කරයි

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ අනියම් සැමියා බව කියන ද්විත්ව පුරවැසිභාවයක් හිමි 50 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 24 වැනිදා රාත්‍රීයේ ඇය සිය අනියම් සැමියාගේ නිවසේ රැදී සිට ඇති අතර,එදින ඇය වැටී තුවාල වූ බව පවසමින් මොහු ඇයව මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. පොලිසිය පවසන්නේ, එහිදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

නමුත් තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් සිදුකළ දැනුම්දීමකට අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොට ආයුධයකින් පහරදී ඇයව ඝාතනය කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

menu
menu