කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන රියදුරන්ට දැනුම් දීමක්



කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් පිටත ප්‍රදේශයේ, රියදුරු නොමැතිව වාහන නවතා තැබීම තහනම් කර තිබෙනවා.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.

ආගමන ගුවන් මගීන් රැගෙන යාමට පැමිණෙන සියලුම වාහන අදාළ රථ ගාල්වල සිට නියමිත වේලාවන්හීදී පමණක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණිය යුතු බවද එම නිවේදනයේ සඳහන්.

රියදුරු සහිතව ද ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ අනවශ්‍ය පරිදි විනාඩි 30කට වඩා වැඩි කාලයක්, වාහන තදබදයක් ඇති වන පරිදි, අණ නොතකා වාහන හසුරුවන රියදුරන්, ගුවන් තොටුපොළෙන් පිටතට යාමේදී, විශේෂ ගාස්තුවක් අය කරන බවද සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පැවසුවා.

menu
menu