ශ්‍රී ලාංකික ධජය රැගෙන තරුණියක් අභ්‍යවකාශයට යයි



ශ්‍රී ලංකා නාමය යළි ජාත්‍යන්තරයේ ඔසවා තබමින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් නාසා ආයතනයේ ප්‍රධානතම අභ්‍යවකාශ මෙහෙයුමකට එක්ව තිබෙනවා.

ඇය ආචාර්ය පියුමි විජේසේකරයි.

ඇය මෙලෙස එක් වන්නේ නාසා ආයතනය විසින් සිදු කරන අඟහරු ගවේශණ මෙහෙයුමකටයි.

නාසා ආයතනය ඒ බව නිවේදනය කළේ පියුමි විජේසේකර ශ්‍රී ලාංකික ධජය සහිත ඇඳුමකින් සැරසී සිටින ඡායාරූපයක්ද ගෙනහැර දක්වමින්.

මෙම මෙහෙයුම සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වන අතර ඉන් තිදෙනෙකුම ආසියාතිකයින් වීම විශේෂත්වයක්.

ඔවුන් දින 45ක් මෙම අභ්‍යවකාශ මෙහෙයුමට එක් වනු ඇති. පියුමි විජේසේකර ඇතුළු කණ්ඩායම ජූනි 24 දක්වා මෙම මෙහෙයුමට එක් වීමට නියමිතයි.

ඔවුන් මෙලෙස එක්වන්නේ අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාළ පරීක්ෂණයකටයි. සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට වන ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර එහි තත්ත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීම මෙහිදී සිදු වන බව නාසා ආයතනය පවසනවා.

මෙම මෙහෙයුමට එක්වන ආචාර්ය පියුමි විජේසේකර නාසා ආයතනයේ විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරන අතර ජෛව ඉංජිනේරු විද්‍යාවෙන් උසස් අධ්‍යාපනය ලැබූ අයෙක්.

menu
menu