ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පාළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකක්වලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සබරගමු පළාතේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

menu
menu