තණතීරු වෙනස්වීමට අපිට හුරුවෙන්න බැරිවුණා

තණතිලිවල වෙනස්වීම්වලට හැඩගැසීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක චරිත් අසලංක පවසනවා
පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත් අසලංක මේ පවසා තිබෙනවා
පිතිකරුවන් වශයෙන් අපි වගකිම බාර ගන්න ඕනේ ඕවර් 06කට 50 ගාණකට විකට් දෙකක් දීලා මේ වගේ බැටින් ලයින්අපි එකක් 125කට යන්න බැහැ. මම ඇතුළුව හැම පිතිකරුවෙකුම වගකීම භාර ගන්න ඕනේ
අපි ලංකාවේදී හොඳට පුහුණුවීම් කරලා සූදානම් වුණා. නමුත් තණතීරු වෙනස්වීමට අපිට හුරුවෙන්න බැරිවුණා. අපි වෙන ග්‍රවුන්ඩ්වල ඕවර් 06ට 50ක 55ක ලකුණු ගාණක් තිබ්බොත් අපි බලනවා 180ක් කරගන්න. මේකේ එක පාරට තණතීරු වෙනස් වෙනවා බෝලේ පරණ වුණ ගමන් දඟ කැවෙන්න ගන්නවා. අපිට ඉක්මනට හැඩ ගැහෙන්න ඕනේ ලකුණු ටික පහළට දාගෙන විකට් ටික ඉතුරු කරගෙන ගහන්න. අපිට ඒක කරගන්න බැරි වුණ නිසා පරාජයට පත් වුණේ.
menu
menu